Featured Posts

වෙබ් අඩවියක් නිර්මාණය කර adsense සදහා අයදුම් කරමු

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අපහසු නම්  නොමිලේම බ්ලොග්  අඩවියක් නිර්මාණය කිරීමට පුළුවන්.  ඔබේම බ්ලොග් එකක් ආරම්භ කර ඒ සදහා ඩොමේන් එකක් මිලදී ගෙන වැඩේ පටන්ගන්න පුළුවන් .

ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා ගැනීම සදහා අවශ්‍ය මොනවද


ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා ගැනීම පහසු උනත් ඒ සදහා සම්පූර්ණ අනුමැතිය ලබා ගනීමනම් ටිකක් අමාරු වැඩක් . adsense ගිණුමක් අයදුම් කිරීම සදහා  ඔබට වෙබ් අඩවියක් හෝ ඉතා හොද තත්වයේ බ්ලොග් අඩවියක් තිබිය යුතු අතර විද්යුත් තැපැල් ලිපිනක් තිබිය යුතුය  ඔබේ වෙබ් අඩවිය වැඩියිටියන් සඳහා පමණක් නම් ඔබගේ වෙබ් අඩවිය ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ.

Google ඇඩ්සෙන්ස් (Google Adsense) යනු කුමක්ද?

ඇඩ්සෙන්ස් යනු සරල වශයෙන් කිව හොත් අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපැයිය හැකි තවත් ක්‍රමයක් . නමුත් ඇඩ්සෙන්ස් සියල්ලට වඩා වෙනස්. ඒ වගේම විශ්වාසදයිම අන්තර්ජාල මුදල් ඉපඊමේ ක්‍රමය . සංකීර්ණ ජාලයකින් සැදුම්ලත් මෙම පද්ධතිය හරහා ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට ඇසට නැරඹීමට පහසු දැන්වීම් ලබාදෙනවා. එම දැන්වීම් යම් අයෙකු ක්ලික් (Click) කරවිට ඔබට යම් කිසි මුදල් ප්‍රමානයක්  ලබා දෙනවා. මෙය ඇත්තෙන්ම කොමිෂන් එකක්. ඔවුන්ට ලැබෙන මුළු මුදලින් සුළු කොටසක් ඔබට ලැබෙනවා.